Aug 18

ඇමති ජීවන් තොණ්ඩමන්ගේ නිවස ගිනිගනී !


ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි බංගලාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බව නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා පැවසිය.

(18) දින අලුයම 2 ට පමණ හටගත් ගින්නෙන් එම බංගලාවේ කොටසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

ගින්න හටගන්නා අවස්තාවේ එම බංගලාව භාරව මුරකරුවෙකු පමණක් සිට ඇති අතර පැතිර යමින් තිබු ගින්න නුවරඑලිය මහ නගර සභාවේ ගිනි නිවින ඒකකය සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයත් කොත්මලේ පොලිසියේ නිලධාරින් එක්ව පාලනය කිරිමට සමත් වි ඇත.

ගින්නෙන් එම බංගලාවේ තිබු පැරණි ගෘහ භාණ්ඩ රැසක් විනාශ වි ඇති අතර , ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.

ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍යය දිවන්ගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතා දේශපාලනයට පිවිසි මුල් කාලයේදි  මෙම බංගලාව මිල දි ගෙන එහි පදිංචිව සිට ඇති අතර සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතා කෙටි කාලයක් එහි පදිංචිව සිට ඇත.

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයට පෙර සිට ඔහුගේ පුත් රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා එම බංගලාවේ අවසන් වරට පදිංචිව සිට ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.