Aug 19

ආණ්ඩුවේ 2/3 මෙහෙම කලොත් 1/3 වෙයි, අමරසේකරගේ විරෝධය


නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තවත් වසර දෙකකට වඩා ගත වනු ඇතැයි අධිකරණ ඇමැතිවරයා පවසා ඇතත් එය සම්පූර්ණයෙන්ම විහිලුවක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කරයි.

ආණ්ඩුව තවත් අවුරුදු දෙකක් ගත වන තුරු බලා සිටියොත් සිදුවිය හැක්කේ තුනෙන් දෙක තුනෙන් එක වීම බව ද පැවසූ ඔහු නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට විශාල කාලයක් ගත නොකර ඉක්මනින්ම ගෙන ආ යුතු බවද පැවසීය.

පවතින 19 ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ඉවත් නොකර එහි සංශෝධන පමණක් සිදු කිරීමට රජය සූදානම් වන්නේ නම් ඊට දැඩිව විරුද්ධ වන බවත් රටට දැන් අවශ්‍ය වන්නේ සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් බවත් ඒ මහතා කියා සිටියේය.

ගෝටාභය රාජපක්ෂ මහතාට 69 ලක්ෂයක ජනතාව ඡන්දය ලබාදුන්නේ ද පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ හා සමානව ජයග්‍රහණයක් ලබා දුන්නේද ව්‍යවස්ථා සංශෝධනයකට නොව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවද ඔහු පෙන්වා දුන්නේය.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.