Aug 28

සිංහරාජේ පාර බලන්න ජනපති යන්න ලෑස්ති වෙයි


සිංහරාජ වනාන්තරය ආශ්‍රිත මාර්ගයක් සම්බන්ධයෙත් ඇති වී ඇති ආන්දෝලනය හේතුවෙන් එම ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ජනාධිපතිවරයා පැමිණීමට නියමත බව වැවිලි ඇමැති රමේෂ් පතිරණ පැවැසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27 වැනිදා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ඉදිකෙරෙන මාර්ගය පිළිබඳව රජයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍ය‌වේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මෙසේද පැවැසීය.

‘‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය මේ පිළිබඳව යොමු වෙලා තියෙනවා. එතුමා මේ සම්බන්ධව පෞද්ගලිකව නිරීක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙලා තියෙනවා. මෙය සංවේදී පරිසර කලාපයක් නිසා සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී ඉතාම පරිස්සම් කළ යුතුයි.

හැබැයි ලංකාගම කියන ගම්මානයේ දීර්ඝ කාලයක් තිස්සේ සැලකියයුතු ජනතාවක් වාසය කරනවා. එම ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා දීම පිළිබඳවත් ආණ්ඩුව අවධානය යොමු කර තිබෙනවා. ඒ යටතේ තමයි මේ මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ.

පාරිසරික පද්ධතියට හානි නොවන ආකාරයෙන් ජනතාවගේ අවශ්‍යතා සැපිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් සහ අදාළ පාරිසරික විෂය භාර ආයතනවලින් ජනාධිපතිවරයා වාර්තා කැඳවා ඇති බවද කැබිනට් ප්‍රකාශකවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ - නයන තරංග ගමගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.