Aug
27
ඩිලන්ත මාලගමුවට පළමු වරට රාජ්‍ය අනුග්‍රහය !
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සුපිරි මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව අතර විශේෂ හමුවක් අද පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී.
මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද එක්ව සිටි අතර ඉතිහාසයේ පළමු වරට ඩිලන්ත මාලගමුවට අනුග්‍රහකත්වය ලබාදීම සඳහා වත්මන් රජය ඉදිරිපත් වී සිටිනවා.
මේ අනුව ලබන සැප්තැම්බර් මස 5 වැනි දා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා යුරෝපයේදී පැවැත්වෙන ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේ සිටි ඩිලන්තට ලක් රජයේ අනුග්‍රහය හිමි වනු ඇති.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා, ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේ ශුරතාව මෙරටට රැගෙන එම සඳහා ඩිලන්ත මාලගමුවට සුභාශිංසන එක් කළා.
මේ පිලිබදව ඩිලන්ත ෆේස්බුක් ලයිව් ඇවිත් කියපු කතාව පහතින් බලන්න.
Posted by DILANTHA MALAGAMUWA on Wednesday, August 26, 2020