Aug
03
නිරෝධායන මධ්‍යස්ථානයක කාන්තාවක් දරුවෙකු බිහි කරයි…
සෞදිඅරාබියේ සිට පැමිණි පරිසක් අතර යාපනයේ හුදකලා මදයස්ථානයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් ඊයේ දින නිරෝගීමත් දරුවෙකු බිහිකොට ඇති බවට යාපනය රෝහල පවසයි.
පසුගිය මස (ජූලි) 07 වනදා සෞදිඅරාබියේ සිට පැමිණ ඇති එම කාන්තාව විඩත්පලෙයි ප්‍රදේශයේ පිහිටි නිරෝධයන කඳවුරක් තුලදී නිරෝධායනය වෙමින් සිටින අතරවාරයේදී දරුවෙකු ලැබීමට ආසන්න වූ අවස්ථාවේදී ඒ බව එහි නිලධාරීන් විසින් යාපනය ශික්ෂණ රෝහලේ ගැබිනි මාතා අංශයට දැනුම් දී ඇත.
පසුව එහි වෛද්‍යවරුන් පිරිසක් අදාල නිරෝධායන මධ්‍යස්ථානයට පැමිණ එම කාන්තාව රැගෙන ගොස් යාපනය ශික්ෂණ රෝහලේ ගැබිනි වාටුටුවේ වෙනම ස්තානයක් වෙන් කොට දැඩි සෞක්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් දරුවා බිහිකරවීමට අවස්ථාව උදාකර දී ඇති අතර මේ වන විට දරුවා සහ මව ඉතා යහපත් තත්වයේ පසුවන බවටද යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය වරුන් වැඩි දුරටත් පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ