Aug 30

ෆේස්බුක් සාදයක් වටලා ගංජා සමග තරුණ තරුණියන් 28ක් අත්අඩංගුවට..!


සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කර, ගාල්ල, අක්මීමන, රජ්ජම්බුගහ ටැංකිය පාර ප‍්‍රදේශයේ හෝටලයක පැවැති සාදයකට සහභාගී වී සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුළු 28 දෙනෙකු අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (30) අලූයම සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනුණු බවයි. සාදයට සහභාගී වී සිිටි තරුණයින් 06 දෙනෙකු සන්තකයේ තිබී කේරළ ගංජා පැකට් 06 ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබුණා. අදාළ සාදයට සහභාගී වීම සඳහා රුපියල් 500, 1500 සහ 5000 යන මිල ගනණ් යටතේ ටිකට්පත් ද අලෙවිකර ඇත.

සාදයට සහභාගී වි සිටි සියලූදෙනා 18 හා 22 යන වයස් කාණ්ඩවල පසුවන්නන්. ඔවුන් අම්පාර, උහන, රත්නපුර හා ඇහැළියගොඩ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් වනවා. පොලීසිය කළ ප‍්‍රශ්නකිරීම්වලදී සැකකරුවන් පිරිස පවසා ඇත්තේ උපන්දින සාදයක් පැවැත්වීම සඳහා එම හෝටලයට පැමිණි බවයි. නිරෝධායන නීති උල්ලංඝණය කිරීම යටතේ අදාළ සැකකරුවන් පිරිස ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කරන බව අක්මීමන පොලීසිය සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.