Aug 07

සමස්ථ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි - මන්ත්‍රී ධුර 145ක් ලැබූ පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්


2020 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය ද ප්‍රකාශයට පත් කෙරුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 6853693ක්. ඔවුන්ට මන්ත්‍රී ආසන 128ක් ලැබී තිබෙනවා.

ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17ක්.

සමගි ජන බලවේගය ඡන්ද 2771984ක් ලබාගෙන තිබෙනවා.

ඔවුන්ට හිමිවූ ආසන සංඛ්‍යාව 47ක්.

සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක් හිමිවුනා.

ජාතික ජන බලවේගය මෙවර මැතිවරණයේදී ලබාගෙන ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 445958ක්.

ඔවුන්ට මන්ත්‍රී ආසන 2ක් හිමිවුනා.

ජාතික ජන බලවේගයට හිමිව ඇත්තේ එක් ජාතික ලැයිස්තු ආසනයක් පමණයි.

අනුව පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමිවන ආසන සංඛ්‍යාව 3ක්.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 327168ක් ලබාගෙන ඇති අතර හිමිව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 9ක්.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට එක් ජාතික ලැයිස්තු ආසනයක් ද හිමිවුනා.

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 249435ක්.

මෙවර මහ මැතිවරණයේදී ඔවුන්ට කිසිදු මන්ත්‍රී ආසනයකට හිමිකම් කීමට හැකියාවක් ලැබී නැහැ.

කෙසේවෙතත් මෙවර මැතිවරණයෙන් කිසිදු ආසනයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබී තිබෙනවා.

අකිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රස් පක්ෂය මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 67766ක් ලබාගෙන තිබෙනවා.

අකිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රසයට ද එක් ආසනයක් ලැබී තිබෙනවා.

ඔවුන්ට ජාතික ලැයිස්තු ආසනයක් ද හිමිව තිබෙනවා.

අපේ ජනබල පක්ෂය ඡන්ද 67758ක් ලබාගත් අතර එම පක්ෂයට ද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවුනා.

  1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6853690 (59.09%) 145
  2. සමගි ජන බලවේගය 2771980 (23.99%)  54
  3. දෙමළ ජාතික සන්ධානය 327168 (2.82%) 10
  4. ජාතික ජන බලවේගය 445,958 (3.84%)
  5. අහිල ඉලංකෛයි දමිල කොංග්‍රසය 67,766 (0.58%) 2
  6. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 61,464 (0.53%) 2
  7. එක්සත් ජාතික පක්ෂය 249,435 (2.15%) 1
  8. අපේ ජන බල පක්ෂය 67,758 (0.58%) 1
  9. TMVP 67,692 (0.58%) 1
  10. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 66,579 (0.57%) 1
  11. TMTK 51,301 (0.44%) 1
  12. ACMC 43,319 (0.37%) 1
  13. ජාතික කොංග්‍රසය 39,272 (0.34%) 1
  14. මුස්ලිම් කොංග්‍රසය 34,428 (0.30) 1



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.