Jul
07
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා දන්වා සිටී.
මෙම රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට පසුගිය ජූනි 27 දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර යවන ලද රැඳවියෙකි.
ඒ අනුව, හඳුනාගත් මෙම රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් සමබන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලැබේ.
Source - මව්බිම