Jul 27

තවත් දින 09යි ! උණුසුම් වන ඡන්දයේ දිග හැරෙන අදහස්


එළඹෙන මහ මැතිවරණය සඳහා තවත් ඇත්තේ දින 09 ක කාලයක් පමණයි. මේ වනවිට මැතිවරණ වේදිකාව තුළ පළවන අදහස් ද උණුසුම් වී තිබෙනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රාගල ප‍්‍රදේශයේ සංවිධාන කළ ජනහමුවකදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මේ දිනවල රට වටේම ගමන් කරන තමන්ට දැක ගත හැකි විශේෂ සිද්ධියක් වන්නේ එක්සත් ජාතික පක්ෂයට වැඩ කළ පිරිස් සිය පාර්ශ්වය සමග එකතු වෙමින් සිටින අයුරු බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය කොළඹදී සංවිධාන කර තිබූ සම්මන්ත‍්‍රණයකට එම පක්ෂයේ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  සහභාගී වුණා. එහිදී අදහස් පළකළ රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ මේ වන විට රැකියා අහිමි වී ඇති අයට කුමක්ද කරන්නේ යන්නයි.

සමගි ජනබලවේගය සංවිධාන කළ ජන හමුවකදී අදහස් දැක්වූ එහි නායක හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේ හැමෝම දිනන සංස්කෘතියක් හා ආර්ථිකයක් මේ රට තුළ ඇති කළ යුතුව ඇති බවයි.

ජාතික ජනබලවේගය සංවිධාන කළ ජනහමුවකදී එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ද අදහස් පළ කරමින් සඳහන් කළේ රට තුළ ආරක්ෂිත සමාජයක් නිර්මාණය කළ හැක්කේ තම පාර්ශ්වයට පමණක් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.