Jul
28
දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් අතර ගැටුමක්
වවුනියාව,සාලම්බකුලම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් අතර ගැටුමක් හටගෙන ඇති බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසති.
ප්‍රදේශවාසීන් පැවසූවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය කේ.කේ.මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර අදාළ ගැටුම හටගෙන ඇති බවයි.
ගැටුම හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර, තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ද පැමිණි බව ප්‍රදේශවාසීන් පැවසූහ.
ගැටුමින් පුද්ගලයින් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර, සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය පරීක්ෂණයක් මෙහෙයවයි.
එන්.ප්‍රියදර්ශනි - මව්බිම