Jul
26
සියලු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීම ගැන පැහැදිළි කිරීමක්
එළඹෙන මහ මැතිවරණයෙන් පසු ලබන අගෝස්තු මස 10 වැනිදා සිට සියලූ රජයේ පාසල් පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සම්පූර්ණයෙන් ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර නෙත් නිවුස් වෙත කියා සිටියේ පාසල් විවෘත කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ඉදිරියේදී සිදුකරන බවයි.
පුද්ගල දුරස්ථභාවය අනුව පංති කාමරය සකස් කිරීමටත් කටයුතු කරන බවයි මෙහිදී සඳහන් කෙරුණේ. පාසල තුළ ළමයින්ගේ සෙඛ්‍ය පිළිබඳ ගැටලු අධ්‍යනය කරන්නටත් කණ්ඩායමක් පත් කරන බවයි ප්‍රකාශ කෙරුණේ.
පාසල් විවෘත කිරීමේ පළමු අදියර හෙට (27) සිට 11, 12 සහ 13 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව ආරම්භ කෙරෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.