Jul
26
කුරුණෑගල නගරාධිපති ධුරයෙන් අස්වෙන්න සූදානම්
ආන්දෝලනයක් ඇති වී තිබෙන කුරුණෑගල නගර මැද පිහිටි ගොඩනැගිල්ල කඩා දැමීමට ලක්ව ඇති ගොඩනැගිල්ල පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් නොවන බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා සඳහන් කරයි.
පුරාවිද්‍යා පනත අනුව ද පුරාවිද්‍යා ඉදිකිරීමක් ලෙස සැලකෙන්නේ 1815 ට කලින් සිදු කළ ඉදිකිරීම වුවත් මෙම ඉදිකිරීම් ඊට පසුව ඉංග්‍රීසි පාලන සමයේ එකක් යයි ඔහු කියා සිටියේය.
තමන් අට පාස් නැති නූගතකු යයි චෝදනා කරන අයට ඔහු කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා තමනට වඩා අධ්‍යාපන සුදුසුකම් එකක් හෝ ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසයි.
එසේ ඉදිරිපත් කර ඔප්පු කරන්නේ නම් තමන් නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.
නගරාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ හිරු රූපවාහිනි සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.