Jul 21

සජිත් පිලේ තුනක් දේව කන්නලව්වක


කුරුණෑගල නඟරයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් බුවනෙක ගොඩනැගිල්ල කඩා දැමූ වරදකරුවන්ට නිසි දඩුවම් පමුනුවන ලෙස පොල් ගසමින් සිදුකල දේව කන්නලව්වක් ඊයේ දී කුරුණෑගල පුරාණ ගලේ බංඩාර දේවාලයේ දී සිදු කෙරිනි.

මෙම අවස්ථාවට සමඟි ජන බලවේගය නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් වන අශෝක් අබේසිංහ , නලීන් බංඩාර , ජේ.සී.අලවතුවල ඇතුලූ ක්‍රීයාකාරීන් පිරිසක් සහභාගී වූහ.

ඔවුන් ඊයේ උදෑසණ කුරුණෑගල වත්හිමි මාර්ගයේ පිහිටි පුරාණ ගලේ බංඩාර දේවාලයට පැමිණ බුවනෙක ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධියට සම්බන්ධ සියලූ දෙනාට තරාතිරම නොබලා නිසි දඩුවම් ලබාදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලමින් පොල් ගැසූහ.

එහිදී ඔවුන් කියා සිටියේ කුරුණෑගල නඟරාධිපතිවරයා විසින් මේ වනවිට බුවනෙක ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත නොවන බව කියමින් අපේ ඉතිහාසය හෑල්ලුවට ලක්කරන බවය. සිංහල රජ සමයට උරුමකම් කියන ෙඓතිහාසික භූමියක පිහිටි ඉංග්‍රීසි යටත් විජිත සමයේ ඉදිකල මෙම ගොඩනැගිල්ලෙහි වටිනාකම නොදන්නා නඟරාධිපතිවරයා ඇතුලූ පිරිසට වැඩිකල් නොගොස් ස්වභාව ධර්මයෙන් නිසි දඩුවම් ලැඛෙනු ඇතැයි ද ඔවුහු ප්‍රකාශ කලහ.

මෙම අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින් හිටපු අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසූයේ මෙවැන්නකි:

කුරුණෑගල නඟරයට පමණක් නෙවෙයි වයඹ පළාතටම අභිමානයක් වුන මේ ෙඓතිහාසික ගොඩනැගිල්ල කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මහ රෑ කඩලා දාන්න අනුබල දීපු නඟරාධිපතිවරයා දැන් මාධ්‍ය සාකච්ජා පවත්වමින් කියනවා මේක සිංහල රජකාලේ ගොඩනැගිල්ලක් නෙවෙයි ඉංග්‍රීසි යටත් විජිත කාලේ හදපු වැඩකට නැති පරණ ගොඩනැගිල්ලක් කියලා.

කුරුණෑගල ඉපදුන හැදුනු වැඩුනු අපි දන්නවා මේ භූමිය දෙවන බුවනෙබාහු රජතුමාගේ රජ සභාව පවත්වපු වටිනා තැනක් කියලා. එම රාජ සබාවෙහි නටඹුන් මේ ගොඩනැගිල්ල ඇතුලේ තිබුනා. ඒ වගේම පැරණි දිය අඟල් පවා තවමත් අවට තිඛෙනවා.

සාමාන්‍යයෙන් අපේ රටේ තිඛෙන වසර සියයකට වඩා පැරණි ගොඩනැගිලි පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත වනවා. ඒ බව නඟරාධිපතිවරයා දන්නේ නෑ වෙන්න ඇති. දැන සිටියත් ඔවුන්ගේ දේශපාලන බලයට ඒ සියල්ල යටයි කියලා හිතාගෙන ඇති. ඒකයි ඔහු මේ ක්‍රියාව ඉතා සරල සැහැල්ලූ දෙයක් විදිහට දකින්නේ.

අපි බොහෝම පැහැදිලිව කියනවා. මේ සිදුකරලා තියෙන්නේ අපේ රටේ ඉතිහාසය විනාශ කිරීමක්. ගොඩනැගිල්ල ඉවත් කරන්න අවශ්‍ය නම් ඒක කර ක්‍රමයක් තිඛෙනවා. ෙඓතිහාසික නටඹුන් වලට හානියක් නොවන අයුරින් මෙය ඉවත් කරන්න තිබුනා. මහ රෑ බැකෝ වලින් පෙරලන්නෙ නැතිව.

ඕනම කෙනෙකුට පේනවා මෙතන විනාශයක් සිදුකරලා තියෙනවා කියලා. නමුත් නඟරාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන අධිකාරිය විසින් සියල්ල යටපත් කරමින් සිටිනවා. ඒ නිසයි අපි මේ අවනඩුව දෙවියන් ඉදිරියේ කීවේ. පුරාණ ගලේ බංඩාර දේවාලය කියන්නේ ඉතාම අනුහස් ඇති තැනක්. දෙවියන් මේ සියලූ දෙනා ගැන බලා ගනිීවි. මෙම සිද්ධියට සම්බන්ධ සියලූ දෙනාට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැඛෙන හැටි අපිට ඉදිරියේ දී බලාගන්න පුලූවනි.

- අරුණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.