Jul
15
බිළිඳෙකු වඩාගෙන සිටි අම්මාට පුංචි අම්මා උණුවතුර ගහලා
පෝද්දල කීඹිඇල ප්රදේශයේදී අට මස් බිළිඳෙකු වඩා ගෙන සිටි මවකගේ සිරුරට බිළිඳාගේ පුංචි අම්මා විසින් ඊයේ (14) උණුවතුර දැමීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ මව සහ බිළිඳා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර පුංචි අම්මා අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය පවසයි.
මෙම බිළිඳාගේ මව, පියා සහ 17 හැවිරිදි සැකකාර පුංචි අම්මා ද මෙම නිවසේ පදිංචිව සිටින අතර ඊයේ මව බිළිඳා වඩා ගෙන මුළුතැන්ගෙයට ගොස් ඇති අවස්ථාවක ඇති වූ බහින්බස්වීමකදී පුංචි අම්මා විසින් මවගේ ඇඟට විසි කරන ලද උණුවතුර බිළිඳාගේ සිරුරට ද වැටීමෙන් මව සහ බිළිඳා යන දෙදෙනා ම පිළිස්සුම් තුවාල ලබා ඇත.
මෙම සැකකාර කාන්තාව මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව ද පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබේ.
පෝද්දල පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
අහංගම - එන් ජී ලියනගේ
Source - මව්බිම