Jul 15

ලොක්ඩවුන් මාස 03 ට පෙබරවාරි මාසයේ විදුලි බිලම ගෙවන්න සහනයක්


විදුලි බිලට සහනයක් ලබා දීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මාසයේදී තමන්ට ලැබුණු විදුලි බිලේ මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසයන් සඳහා පියවීමට පාරිභෝගිකයින් හට අවසර ලබා දීමට තීරණය කළ බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ සඳහන් බිල්පතට අනුව හෝ ඉන්පසුව ලද අවම බිල්පත යටතේ (පෙබරවාරි මස සඳහන් වන මිල ගණනට වඩා මාර්තු බිල්පත අඩු නම්  එම බිල්පතේ සඳහන් ගණන) ගෙවීමට අවස්ථාව ලබාදීමට රජය අද දින තීරණය කර ඇත.

එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ලැබෙන අතර එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.

මහජනතාවට මෙම සහන ලබාදීම සඳහා රජය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් දසලක්ෂ 3000 ක් ලබාදීමටද එකඟත්වය පල කරන ලදැයි අමාත්‍යවරයා සඳහන් කර සිටියා. විදුලිබල මණ්ඩලය මගින් මින් පෙර කිසිදු අවස්ථාවක මෙවැනි දැවැන්ත සහනයක් විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදී නැතැයිද ඇමතිවරයා සඳහන් කර සිටිය අතර කොවිඩ්-19 හේතුවෙන් විදුලි මනු කියවීම විධිමත් පරිදි සිදුනොවීම සඳහා බිල්පත්වල වැරදි මිල ගණන් සඳහන් වීම සම්බන්ධයෙනුත් සොයා බැලීමක් සිදු කිරීමට නියමිත අතර මැයි මාසයේ සිට නැවතත් විදුලි මනු කියවීම ආරම්භ කර ඇත.

ඒ අනුව ඉහත සඳහන් කළ මාස 03ට ලබාදුන් බිල්පත් අනුව යම් කෙනෙක් බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් ඊට අදාළ මුදල් ලබා ගැනීම හෝ ඉදිරි බිල්පත්වලින් එම මුදල් පූරණය කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.