Jul 06

කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ නිවසක පිපිරීමක්


එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශයේ කටයුතු කළ ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදියකු පෙරේදා (4වැනිදා) කිලිනොච්චිය අයියකච්චි ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී බෝම්බයක් සකසමින් සිටියදී එය පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම කොටි ත‍්‍රස්තවාදියාගේ තත්ත්වය බරපතළ වීමෙන් පසුව අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇත.

ඉකුත් 1993 වසරේදී පමණ එල්ටීටීඊ සංවිධානයට බැඳී ඇති කොටි සංවිධානය විසින් මේනන් යන නමින් හඳුන්වනු ලැබූ මෙම කොටි ත‍්‍රස්තවාදියා ටින් එකක පුපුරන ද්‍රව්‍ය අසුරා මෙම බෝම්බය සකස් කිරීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය සහ ආරක්‍ෂක අංශ සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිපිරීමෙන් පසු එම නිවසේ කුණු දමන වළකට විසිකර දමා තිබූ තවත් බෝම්බ දෙකක් සහ එල්ටීටීඊයේ කළු කොටි සැමරුම්වලට යොදා ගන්නා බැනරයක් ඇතුළු වයර් ආදී භාණ්ඩ කිහිපයක් ද සොයා ගැනීමට ආරක්‍ෂක අංශ සමත්ව තිබේ.

මොහු මෙම බෝම්බය සකස් කෙරුවේ කුමන කරුණක් නිසාදැයි මේ දක්වා අනාවරණය වී නැත.

පිපිරීම සිදුවන අවස්ථාවේ බිරිඳ ලෙස ඔහු සමඟ වාසය කළ කාන්තාවකද එම නිවසේ සිට ඇති අතර එම කාන්තාව කිලිනොච්චිය ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව උතුරේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ආරක්‍ෂක බුද්ධි අංශ මගින් පුළුල් විමර්ශනයක් අරඹා ඇති අතර යාපනය පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සමන් ගමගේ, දිනසේන රතුගමගේ
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.