Jul 03

කොරෝනා රෝගියා හමුවූ ජින්තුපිටියේ පවුල් 29ක් නිරෝධායනයට


කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 කට අයත් පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර සිටිනවා.

ජින්තුපිටිය ප්‍රදේශයෙන් අද වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගියාගේ නිවස පිහිටි 123 වත්ත ප්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙලෙස නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරීමට යුධ හමුදාව සමග එක්ව කටයුතු කරන බවයි කොළඹ මහ නගර සභාවේ දිසා අංක 02 A සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ.

අද දිනයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ ඉකුත් ජුනි මස 08 වෙනිදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නෞකාවල මුහුදු ආරක්ෂකයෙක් ලෙස සේවය කළ පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට ඔහු ඉකුත් ජුනි මස 26 වෙනිදා ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ එහිදී දින 14ක නිවෙස් නිරෝධායනය ක්‍රියාවලියකට ලක්වෙමින් සිට තිබෙනවා.

මෙම පුද්ගලයා සමග නිරෝධායන කඳවුරේ සිටි තවත් පුද්ගලයෙකුට පෙරේදා දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම පුද්ගලයා සමග සිටි ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි මෙම පුද්ගලයාගේ PCR පරීක්ෂණයක් අද දිනයේදී සිදුකළ බවත් එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

අද දිනයේදී කොරෝනා ආසාදනය වූ පුද්ගලයාගේ නිවසේ ඔහුත් සමග පවුලේ සාමාජිකයින් 11 දෙනෙකු සිටින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Source - නෙත් News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.