Jul
17
කන්දකාඩු රැඳවියන් බැලීමට ගිය ඥාතීන්ට කොරෝනා නැහැ
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීම සඳහා ඉකුත් ජුලි මස 04 වෙනිදා එහි ගිය ඔවුන්ගේ ඥාතින් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වන විට නව කොරෝනා වෛරසයේ පොකුරෙන් රෝගීන් 542ක් වාර්තා වී ඇති බවත් එයින් රෝගීන් 33 දෙනෙකු එහි කන්දකාඩු ආශ්‍රිතයින් ගේ පළමු සමිපතයින් බවයි විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර ආශ්‍රිතව පමණක් පුද්ගලයින් 5000 කට අධික පිරිසකට PCR පරීක්ෂණ සිදුකර ඇති බවද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.
මේ අතර පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමසීමට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අද දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියා.