Jul 05

සම්පත් බැංකුවට අඩපණ කිරීමේ උත්සාහයක්.. ගිණුම් පොත්, චෙක් පොත් පුච්චයි..


සම්පත් බැංකුවේ දෙහිවල ශාඛාවට ඇතුළු වීමට උත්සාහ දැරූ මුස්ලිම් කාන්තාවකගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවකට අදාළ වීඩියෝපටයක් සමාජ ජාලා තුළ විශේෂ අවධානයකට ලක් විය.

ජූලි 02 බ්‍රහස්පතින්දා දින සිදුවී ඇති අදාළ සිදු වීමෙන් පසු මේ වන විට සම්පත් බැංකුවට එරෙහිව විශාල මෙහෙයුමක් දියත්ව ඇති ආකාරය ද සමාජ මාධ්‍ය හරහා නිරීක්ෂණය වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පත් බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි.

එම නිවේදනයෙන් ඔවුන් කියා සිටින්නේ අදාළ සිදුවීම වන අවස්ථාවේ සීසීටීවී දර්ශන ඇතුළු සියලු කරුණු කාරණ ඉතා අවධානයෙන් යුත්කව පරික්ෂා කළ බවයි.

එසේම සම්පත් බැංකුව, විවිධ ආගම් හා ජාතීන්වලට අයත් සුවහසක් ශ්‍රී ලාංකිකයින් තම බැංකු අවශ්‍යතාවයන් සඳහා තෝරාගෙන ඇති බැංකුවක් බව ඔවුන් සිහිපත් කර සිටී. ශ්‍රී ලංකාවේ සිව් දිග ආවරණය වන පරිදි සේවාවන් සපයන බැංකුවක් වශයෙන් සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම සංස්කෘතිකමය වටිනාකම් සහ සංවේදීතාවන් කෙරෙහි අවබෝධයකින් හා ගෞවර පූර්වක ව කටයුතු කරන බව සඳහන් කර ඇත.

එසේම බැංකු පරිශ්‍රය තුළ දී පාරිභෝගිකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ වගකීම තමන් වෙත පැවරී ඇති බැවින් සියලු බැංකු ශාඛාවන්ට ඇතුළු වීමේ දී අනන්‍යතාවය තහවුරු කිරීමට සහය ලබාදෙන මෙන් ඉල්ලා සිට ඇති බව ඔවුන් කියා සිටී. එහිදී ශ්‍රී ලංකාවේ නීතියට අනුව, ආරක්ෂක නිලධාරී හට අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකිවන පරිද්දෙන් මුහුණු ආවරණය (මුඛ ආවරණ සහ මුහුණ ආවරණය වන සේ පැළඳ සිටින වෙන යම් පැළඳුමක් වේ නම් එය) ඉවත් කිරීම ප්‍රමාණවත් බව සඳහන් කරයි.

සම්පත් බැංකු දෙහිවල ශාඛාවේ දී ද ඉහත සඳහන් කළ ක්‍රියා පටිපාටිය ම සිදු වී ඇති අතර ආරක්ෂක නිලධාරියා විසින් මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කිරීමට හැකි වන පරිද්දෙන් එම මුහුණු ආවරණය ඉවත් කරන මෙන් ඉල්ලා ඇති බව ද සම්පත් බැංකුව පෙන්වා දෙයි. එසේම අදාළ කාන්තාව පැළඳ සිට ඇත්තේ වෛද්‍ය නිර්දේශිත මුඛ ආවරණයක් නොව මුහුණු ආවරණය වන පරිද්දෙන් සකස් කරන ලද ඇඳුමේ ම කොටසක් බව සම්පත් බැංකුව අනාවරණය කර සිටී. එහෙත් කණගාටුවට හේතුවන පරිද්දෙන් ආරක්ෂක නිලධාරියා සිදුකළ ඉල්ලීම එකී පාරිභෝගිකයා විසින් බලවත් ලෙස වරදවා වටහාගෙන ඇති අතර එහිදී ඈ ආරක්ෂක නිලධාරියා හට සහය වීම ප්‍රතික්ෂේප කර තිබෙන බව සම්පත් බැංකුව කියා සිටී.

අදාළ සිදුවීම සමථයකට පත් කිරීමට බැංකු කාර්ය මණ්ඩලයේ කාන්තා නියෝජිතයින් දෙදෙනෙකු ද මැදිහත් වී ඇති බව පෙන්වා දෙන සම්පත් බැංකුව කියා සිටින්නේ අදාළ කාන්තාව ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ද ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඉන් පසු ඇය ස්වකීය පිරිමි ඥාතියෙකුට දුරකථන ඇමතුමක් ලබා දී ඔහු බැංකු පරිශ්‍රයට ගෙන්වාගෙන ඇති බව පෙන්වා දෙන සම්පත් බැංකුව කියා සිටින්නේ අදාළ පුද්ගලයා විසින් පටිගත කරන ලද වීඩියෝ පටය සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිර ගොස් ඇති බවයි.

එසේම අදාළ පාරිභෝගික කාන්තාවගේ හිස් ආවරණය ඉවත් කරන ලෙස කිසිඳු ඉල්ලීමක් බැංකු පාර්ශවයෙන් සිදු වී නැති බව සම්පත් බැංකුව අවධාරණය කර සිටිනවා. සිද්ධිය අවසානයේ සිය මුහුණු ආවරණය ඉවත් කර අනන්‍යතාවය තහවුරු කර සහය ලබා දුන් වහාම ඇයට බැංකු ශාඛාවට ප්‍රවේශය ලබාදුන් බව ද එම වීඩියෝ පටයේ ම ඉතා පැහිදිලිව සටහන් ව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

අවසන් වශයෙන් තම නිවේදනය මගින් සම්පත් බැංකුව කියා සිටින්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ හිතවත් ම බැංකු සේවා සපයන්නා ලෙස සම්පත් බැංකුව කිසිඳු අවස්ථාවක කිසිඳු ජනවර්ගයකට අයත් කිසිඳු ආගමක් අදහන කිසිදු ජනකොටසකට කිසිඳු අයුරකින් අසමානතාවයෙන් යුතුව නොසළකන බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව සම්පත් බැංකුව ඉලක්ක කර ද්වේශ සහගත මඩ ව්‍යාපාරයක් සහ කළු පැල්ලමක් එක් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව නිරීක්ෂණය වේ.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ඔහු දන්නා පරිදි සම්පත් බැංකුව ආරම්භ කිරීමේ අරමුණ වූයේ සිංහල බෞද්ධයින්ට සේවා සැපයීමට බවයි.

@nimalhperera : Sampath bank was formed to serve Sinhala Buddhists. Don’t take me as a racist. I am not. Truth is that.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය සහ සමගි ජන බලවේගයේ ඉල්ලා අස් වූ මාතර දිස්ත්‍රික් අපේක්ෂක මංගල සමරවීර කියා සිටියේ නිමල් පෙරේරා අදාළ අදහස කිම පිළිබඳ ස්තූතිවන්ත වන අතර තමන් වහාම තම ගිණුම් සම්පත් බැංකුවෙන් ඉවත් කරගන්නා ලෙස තම කාර්යාලයට උපදෙස් ලබා දෙන බවයි.

@MangalaLK : Thank you #Nimalperera for enlightening me on the fact that #Sampathbank is not for all Sri Lankans; I have just instructed my office to move my account to a bank which serves all Sri Lankans beyond race, caste or creed. No big loss to your bank but principals do matter to me.

මේ අතර සමාජ ජාල තුළ සම්පත් බැංකුවට එරෙහිව වෛරී සහගත ප්‍රකාශ සහ සම්පත් බැංකුවට පක්ෂග්‍රාහී මත රැසක් බෙදා හැරෙමින් පවතී.








දෙහිවල සම්පත් බැංකු ශාඛා වේදි මුස්ලිම් භක්තික කාන්තාවක් පරික්ෂා කිරීමට යාමේදී වහාබ් මතවාදී අදහස් දරන පුද්ගලයකුගේ විරෝධය හමුවේ වහබ් මතවාදී පුද්ගලයන් සම්පත් බැංකුව වර්ජනය කිරීමට හා සම්පත් බැංකුව හුදකලා කිරීමට ගන්නා උත්සාහය පරාජය කිරීමට මගෙන් යෝජනාවක් ..
Posted by Magalkande Sudaththa Himi on Saturday, July 4, 2020


කෙසේ වෙතත්, සම්පත් බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ඊට සම්බන්ධ පාර්ශවයන්ට සිය අවංක කණගාටුව ප්‍රකාශ කරමින් කියා සිටියේ අවශ්‍ය පියවර කඩිනමින් හා කඩිනමින් ගැනීමට කැපවන බවයි.


– Rivira
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.