Jul
21
කොහොඹ අත්තක් කඩා වැටී දැරියක් මිය යයි
වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ආයිලඩි ප්රදේශයේ නිවසක ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි සොහොයුරියන් තිදෙනෙකු මතට ඊයේ (20) සවස කොහොඹ අත්තක් කඩා වැටීමෙන් අවුරුදු එකහමාරක් වයසැති දැරියක් මිය ගොස් තවත් දැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට කනගරායන්කුලම් පොලීසිය පැවසීය.
දැරියන් තිදෙනා ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ දැඩි සුලං සහිත කාලගුණයක් පැවති අතර එම අවස්ථාවේ ආසන්නයේ පිහිටි කොහොඹ ගසක අත්තක් දැරියන් තිදෙනා මතට කඩා වැටී ඇත.
එහිදී බරපතල තත්වයෙන් දැරියන් තිදෙනාම නෙදුන්කේණි රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්රතිකාර සඳහා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අවුරුදු එකහමාරක් වයසැති බාල සොහොයුරිය මිය ගොස් අති බවට පොලීසිය පැවසීය.
එහිදී මිය ගොස් ඇත්තේ මධුෂණ් ලක්ෂායිණි වන අතර බරපතල තත්වයේ ප්රතිකාර ලබන්නේ අවුරුදු 08 ක් වූ සර්මිලා දේවි සහ අවුරුදු 10 ක් වූ ජීවිතා නැමති දැරියන් බවට පරික්ෂණ සිදු කරන කනගරායන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.
- මුලතිව් ශෂිකුමාර් - මව්බිම