Jul
28
ජෝර්දානයේ ශ්රී ලංකික ගෘහ සේවිකාවන් යක්ෂාරූඪ වෙති (වීඩියෝ)
ජෝර්දානයේ සේවය කරන ශ්රී ලාංකිකයන් විසින් එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු නිවාස අඩස්සියට ගෙන තිබේ.
දැනට මාස පහක පමණ කාලයක් තිස්සේ රැකියාව නැතිව ආහාර සපයා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවම විසදුමක් හෝ නොදෙන්නේ යැයි චෝදනා කරමින් ඔවුන් ක්රියාමාර්ග ගෙන ඇත.
තම සේවා ස්ථානය තුළ මෙම නිලධාරීන් දෙදෙනා රඳවා ගෙන පිටතට යාමට නොදී වටලාගෙන සිටිති.
ශ්රී ලාංකික සේවිකාවන් පවසන්නේ තමන් විසින් මාස පහක පමණ කාලයක් ආහාරයට ගත් ආහාර මෙම නිලධාරින් ද කෑමට ලබා දෙන බවයි.