Jun 15

ලීසිං මැරයන්ගෙන් මැරුම් කෑ සුනිල්ගේ නැතිවුණු දුරකථනය හමුවෙයි


මිරිහාන ප‍්‍රදේශයේ කල්බදු සමාගමක සේවකයන් පිරිසක් බව කියන මැර කණ්ඩායමකගේ අමානුෂික පහරදීමෙන් ඝාතනයට ලක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ අස්ථානගතවී තිබූ ජංගම දුරකථනය පෙරේදා (13 වැනිදා) එම කල්බදු සමාගම ඇතුළත ඇති අංගනයේ කාණුවක තිබී සොයාගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

මෙම ජංගම දුරකථනය 10 වැනිදා සවස සිදුවූ ඝාතනයෙන් පසු අස්ථානගතවී ඇති බවට ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් කර තිබූ පැමිණිල්ලක් විමර්ශනය කරමින් සිටියදී මෙසේ එම දුරකථනය හමුවී තිබේ.

එම ජංගම දුරකථනයේ ඩිස්ප්ලේ එක පවා විනාශ වී ගොස් තිබූ අතර මෙමරි පත සහ චිපය තිබූ බවත් පොලිසිය කියයි.

ජංගම දුරකථනයේ සියලූ දත්ත සොයා ගැනුමට පරීක්‍ෂණ සිදු කරමින් සිටින බවත් පොලිසිය පවසයි.

සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන තිබේ.

මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමින්ද සරණගුප්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන්ත ඛාන්ත් වීරසිංහ මහතාගේ හෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, ධර්මසේන වැලිපිටිය සහ එස්. ඞී. අබේසිංහ - මහරගම
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.