Jun
23
ආයුධත් සමඟ බස්නාහිර පාතාලයින් 8ක් අල්ලයි
බස්නාහිර පළාතේ කි‍්‍රයාත්මක වන පාතාල කණ්ඩායම් පහකට අයත් පාතාල අපරාධකරුවන් අටදෙනකු අවි ආයුධත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (22 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශන පැවැත්වූ විශේෂ කණ්ඩායම් කීපයක් විසින් මෙම මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබිණි.
කඩුවෙල ප්‍රදේශය සිය පාතාල රාජධානිය කරගෙන සිටින ඉන්ද්‍ර නමැති පාතාල නායකයාගේ කල්ලියේ සාමාජිකයන් තිදෙනකු හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සතුව තිබී කඩු 3 ක් සෙල්ලම් පිස්තෝලයක් සහ ගංජා තොගයක්ද සොයා ගෙන ඇත.
මේ අතර මතුගම ප්‍රදේශයේ කි‍්‍රයාත්මක වන පාතාල කල්ලියකට අයත් සාමාජිකයන් දෙදෙනකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ගොනාකෝවිලේ ධර්මසිරි නමැති පාතාල ප්රබලයාගේ කුඩු ජාවාරමේ නිරත වූ පාතාල සාමාජිකයකු හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර ගණේමුල්ල සහ පූගොඩ ප්‍රදේශවල කළ මෙහෙයුම් දෙකකදී තවත් පාතාල කල්ලි දෙකකට අයත් සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා කියා සිටියේ රට පුරා විසිරී සිටින සියලූ පාතාල කල්ලි වලට අයත් සාමාජිකයන් පිළිබඳ තොරතුරු තම බළකාය විසින් ලබාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගටම කි‍්‍රයාත්මක කරන බවත්ය.
හේමන්ත රන්දුණු
Source - දිවයින