Jun
18
සෙවනගල පුද්ගලයන් 15 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට
තණමල්විල සෙවනගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පසුගිය දා කොරෝනා ආසාදිත නාවික සෙබලා වාර්තාවීමත් සමඟ ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂාව වැඩි කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණා.
එම හේතුන් සැලකිල්ලට ගනිමින් අද (18) සෙවනගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 15 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කළා.
මෙම පුද්ගලයන් 15 අතරට සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් සහ විවිධ රැකියා කරන පුද්ගලයන් යොදාගත් බවයි සෙවනගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශයකු පැවසුවේ.
ලබාගත් ජෛව පටල සාම්පල අද දිනම කරාපිටිය රෝහල වෙත යවා එහි වාර්තා ලබා ගැනීමට කටයුතු කරන බවත් ඉදිරියේ දී මෙවැනි පරීක්ෂණ අහඹු ලෙස කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසනවා.
ඉඳුනිල් අළුත්ගෙදර - ඔක්කම්පිටිය
Source - මව්බිම