Jun
29
ඇත් දළ යුගලක් සමඟ කතරගම දේවාලයේ කපුවෙකු අත්අඩංගුවට
නීති විරෝධී ඇත් දළ දෙකක් ළඟ තබාගෙන සිටි කතරගම මහ දේවාලයේ කපු මහතකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා මධ්‍යස්ථානයේ නිලධාරීන් හා කතරගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබේ.
හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගේ බුද්ධි තොරතුරකට අනුව ඊයේ (28දා) මෙම වැටලීම කළ අතර කතරගම නගරය ආසන්නයේ ඇති අදාළ කපු මහතාගේ නිවෙස පරික්ෂා කිරීමේදී සෙන්ටි මීටර් 94 ක් හා සෙන්ටි මීටර් 101.5ක් දිග මෙම ඇත්දළ යුගල සොයාගෙන තිබේ.
එමෙන්ම අදාළ ඇත් දළ යුගල ළඟ තබා ගැනීම සඳහා සකස් කර තිබූ ව්‍යාජ සහතිකපත් කිහිපයක්ද වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් කතරගම වනජීවී නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ කරනු ලබති.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
Source - මව්බිම