Jun 29

පාතාලයට අයත් විශාලතම අවි තොගය හෝමාගමින් හමුවෙයි


මෙරට කි‍්‍රයාත්මක පාතාල කල්ලියක් සන්තකයේ තිබී සොයා ගත් වැඩිම ගිනිඅවි ප‍්‍රමාණය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය අද සමත්වුණා.

ඒ, හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි. මෙම මෙහෙයුමේදී පාතාලයට අයත් ගිනි අවි 12 ක් සොයා ගෙන තිබෙනවා.  එම ගිනිඅවි අතරට ටී 56 වර්ගයේ ගිනි අවි 11 ක් සහ ටී 81 වර්ගයේ ගිනිඅවියක් ද අයත්.

එම ගිනිඅවි, දැනට බන්ධනාගාර ගත කර සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘‘ගගන’’ නමැත්තාට අයත් බවයි පොලීසිය පැවසුවේ. අදාළ ගිනි අවි සමග ගගන නමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන පොට්ට කපිල නමැත්තෙකු ද පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මාතර ප‍්‍රදේශයේදී ඉකුත් දා සිදුවූ රන් ආභරණ කොල්ලයට ද සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.

‘‘ගගන’’ නමැත්තාට අයත් ගිනිඅවි තොගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව හෝමාගම පිටිපන කිරිබේරියකැලේ ප‍්‍රදේශයේ පිහිටි සීට්ටු භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක් පිහිටි ගොඩනැගිල්ලක් පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අද විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

අද පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා සිදුකෙරුණු එම පරීක්ෂාවේදී අදාළ ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථානයක තිබී මෙම අවි තොගය සොයා ගැනුණා.

ගිනිඅවි 06 ක් පොහොර උරයක බහා තිබූ අතර ඉතිරි ගිනිඅවි 06 සරමකින් ගැට ගසා තිබූ බවයි පොලීසිය පැවසුවේ.

අදාළ ගිනිඅවි කිරිබේරිය සුසාන භූමිය අසලට රැගෙනවිත් පසුව ඊයේ රාතී‍්‍රයේදී අදාළ ගොඩනැගිල්ල තුලට ගෙනවිත් ඇති බවයි මේවනවිට අනාවරණ වී ඇත්තේ.

තවත් ගිනි අවි 07 ක් මෙම ස්ථානයට ගෙන ගෙනැවිත් ඇති බව ද මේවනවිට අනාවරණ වී තිබෙනවා. එම ගිනි අවි අදාළ සීට්ටු භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලට අයත් ලොරි රථ මගින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කරන්නට ඇති බවටයි මේවනවිට සැකකෙරෙන්නේ.

මෙම ගිනිඅවි අයත් දැනට බන්ධනාගාර ගත කර සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘‘ගගන’’ නමැත්තා සහ එම ගිනිඅවිත් සමග අද අත්අඩංගුවට ගැනුණු පොට්ට කපිල නමැත්තා, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරකගේ සමීපතමයින් බවට ද මේවනවිට අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු පොට්ට කපිල නමැත්තා, ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව පොලිස් විශේෂ කාර්යය බලකාය ප‍්‍රකාශ කළා.

ඊට අමතරව ගිනි අවි සගවා තිබූ සීට්ටු භාණ්ඩ වෙළඳසැලේ හිමිකරු, ඔහුගේ බිරිඳ, සහ එහි සේවකයින් 08 දෙනෙකු ද පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ද විශේෂ ආරක්්ෂාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ.

Source - නෙත් News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.