Jun 05

පහළොස් හැවිරිදි ෆේස්බුක් පෙම්වතිය ගෙදරට කැන්දන් ආ පුත්‍රයා


මාස දෙකකට පමණ පෙර ෆේස්බුක් හරහා හඳුනාගත් පහළොස් හැවිරිදි දැරියක් මුල් හමුවීමෙන්ම ඇගේ මවුපියන්ට නොදන්වා නිවෙසට කැඳවාගෙන පැමිණි දහඅට හැවිරිදි තරුණයකු එම තරුණයාගේ මව විසින් පොලිසියට කොටුකර දීමේ සිද්ධියක් බඩල්කුඹුර පොලිසියෙන් වාර්තා විය.

සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා මෙම පහළොස් හැවිරිදි දැරිය කැඳවාගෙන පැමිණ ඇත්තේ මාතලේ, මහවෙල, මඩවල උල්පත ප්‍රදේශයෙන් බව පොලිසිය කියයි.

තම පෙම්වතිය මීට මාස දෙකකට පමණ පෙර ෆේස්බුක් හරහා හඳුනාගත් බවත් එම හඳුනාගැනීමෙන් පසු පෙම්වතුන් වූ බවත් ඇගේ ඉල්ලීම මත ඇය හමුවීමට ගිය අවස්ථාවේදීම ඇය නැවත නිවෙසට යෑම ප්‍රතික්ෂේප කිරීම නිසා පෙම්වතිය රැගෙන නිවෙසට පැමිණි බවත් සැකකාර තරුණයා පොලිසියට පවසා තිබේ.

සැකකරුගේ මව පොලිසියට පවසා ඇත්තේ තම දරුවා තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවතින බව දැනගෙන සිටි බවයි. සිද්ධිය වූ දින තම දරුවා පෙම්වතිය මුණගැසීමට මාතලේ ප්‍රදේශයට යන බව පවසා නිවෙසින් පිටව ගිය බවත් පසුව එම තරුණිය රැගෙන නිවෙසට පැමිණි බවත් ඇය බාලවයස්කාර දැරියක් නිසා තම දරුවා හා එම දැරිය පොලිසියට කැඳවාගෙන විත් ඉදිරිපත් කළ බවත් ඇය තවදුරටත් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත.

පහළොස් හැවිරිදි දැරිය පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් කියා ඇත්තේ තම පෙම්වතාගෙන් හෝ ඊට පෙර වෙනත් අයකුගෙන් හෝ ලිංගික අතවරයක් සිදු නොවූ බවයි.

වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබේ. සැකකාර තරුණයා ඊයේ (04දා) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.

මොනරාගල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම යන මහතුන්ගේ උපදෙස් හා නියෝග මත බඩල්කුඹුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්. සුනිල් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.

මොනරාගල - සංජීව බණ්ඩාර
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.