Jun 17

හිරුණිකාට නොතීසි


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ජූලි මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ මහාධිකරණය අද (17) නොතීසි නිකුත් කළා.

ඒ දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට  එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන්.

අද දින මෙම  නඩුව මහාධිකරන විනිසුරු චම්පා ජානකී රාජරත්න ඉදිරියේ කැදවු අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

එබැවින් අද දිනම සිතාසි නිකුත් කිරීමට මහාධිකරණය නියෝග කරන ලදී.

කෙසේවෙතත් මීට පෙර දින ඇගේ නීතිඥවරයා අධිකරණයට  දැනුම් දුන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306 (2) වගන්තිය අනුව තම සේවාදායිකාද වරද පිළිගැනීමකින් තොරව හා දඩුවම් කිරීමකින් තොරව නඩුව අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත් අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන්නේ නඩුව අවසන් කර ගන්නේ නම් විත්තිකාරිය විසින් වරද පිළිගැනීමවත් අපේක්ෂා කරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත් හිටවූ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරනය මීට පෙර නියෝග කළා.

ඒ අනූව විත්තිකරුවන් හත් දෙනෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම් වසර දොළහකට අත් හිටුවීමට මහාධිකරන නියෝග කර තිබුණා.

2015 වර්ෂයේ දෙසැම්බර්  21 තරුණයෙක් දෙමටගොඩ දී පැහැර ගෙන ගොස් පහර දීමට අදාළව චොදනා 29 යටතේ නීතිපතිවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇගේ කාර්ය්‍ය මණ්ඩලයට අයත් සේවකයින් 5 දෙනෙකු ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට මහාධිකරනයේ අධි චොදනා ගොනු කළා.

Source - නෙත් News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.