Jun
27
මාල කොල්ලයට ආ සැකකරු අහුවුන හැටි (වීඩියෝ)
මඩකලපුව - කාත්තාන්කුඩි, ආරයන්පති මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් මාලය කොල්ලකෑමට තැත්කළ පුද්ගලයෙක් ආරක්‍ෂිත කැමරාවක දර්ශන ඔස්සේ කාත්තාන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනතිබෙනවා.
සැකකරු මාල කොල්ලය සඳහා භාවිත කළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගත් බවයි කාත්තාන්කුඩි පොලිසිය පවසන්නේ.
මීට දින කීපයකට ඉහතදී සැකකරු මෙම කාන්තාවගේ මාලය කොල්ල කෑමට උත්සහකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සිදුවීම සිදු වූ ස්ථානයේ අසල සවිකර තිබු ආරක්‍ෂිත කැමරා දත්ත උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.
සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.
Source - Hiru News