May 28

ජමිල් බෝම්බය පුපුරුවා ගන්න කලින් බුද්ධි නිලධාරීන් ඔහුගේ බිරිඳගේ නිවසට ගිහින්


දෙහිවල ‘ට්‍රොපිකල්’ ඉන් හෝටලයේදී අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඞ් නමැත්තා බෝම්බය පුපුරුවා ගැනීමට පෙර බුද්ධි අංශ නිලධාරීන් වැල්ලම්පිටියේ ලංසියාවත්තේ අංක 125/23 දරන ලිපිනයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසට ගොස් සිටි බව ඊයේ (27 දා) පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිවිණි.

ඊයේ එම කොමිෂන් සභාව හමුවේදී ඇන්කා කන්සල්ටන් සර්විස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස සේවය කරන හජ්ජි මරික්කාර් මොහොමඞ් මහතා සාක්‍ෂි ලබාදුන් අතර පාස්කු ප‍්‍රහාරය එල්ල වූ 2019/04/21 වැනිදා තමා සේවය කළ ආයතනයේ ප‍්‍රධානියාගේ නියෝගය මත දෙහිවල එබනයිසර් පාරේ පිහිටි මුස්ලිම් පල්ලියට ආරක්‍ෂක නිලධාරීන් යෙදවීම සඳහා එහි ගිය බව පැවසීය. තම ප‍්‍රධානියාගේ උපදෙස් පරිදි ජෙෆරි නමැති පුද්ගලයකු හමුවී එම පල්ලියට ආරක්‍ෂාව යෙදවීම පිළිබඳව සාකච්ඡුා කර යළි එම ස්ථානයෙන් පිටවීම සඳහා එළියට එන විට ඒ ආසන්නයේ යම් බහින්බස්වීමක් දුටු බවත් පැවසූ ඒ මහතා පවසා සිටියේ පල්ලියට පැමිණි පුද්ගලයකුට ඉන් පිටවන ලෙස පැවසීම එම බහින්බස්වීමට හේතු වී තිබූ බවයි.

පල්ලියට පැමිණ සිටි පුද්ගලයාගෙන් ඔහු පිළිබඳව විමසූ විට එම පුද්ගලයා අඩි දෙකක් පමණ පිටු පසට ගොස් තමාගෙන් පොලිසියෙන් ද යනුවෙන් විමසූ බවත් ඔහු පැවසීය. එම අවස්ථාවේදී තමා මීට පෙර පොලිසියේ රාජකාරී කර ඇති නිසා ඒ පිළිබඳව එහි සිටිය පුද්ගලයන් එම පුද්ගලයාට පැවසූ විට තමන්ගේ පැරණි පොලිස් හැඳුනුම්පත එම පුද්ගලයාට පෙන්වූ පසු ඔහු ඔහුගේ රියැදුරු බලපත‍්‍රය දුන් බවත් පැවසීය.

එම රියැදුරු බලපත‍්‍රයේ අඩංගු කරුණු පිළිබඳව කොමිෂන් සභාවෙන් විමසා සිටි අතර සාක්‍ෂිකරු ඊට ප‍්‍රතිචාර දක්වමින් පවසා සිටියේ එහි රියැදුරුගේ නම ලෙස අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඞ් ලෙස සඳහන් වූ බවයි. එහි ලිපිනය ලෙස නුවර ප‍්‍රදේශයේ ලිපිනයක් සඳහන් වූ බවත් දැන්විය.

ඉන් අනතුරුව සාක්‍ෂිකරු කොමිෂන් සභාව හමුවේ මෙසේ ද පැවසීය,

ජමිල්ගේ තොරතුරු විමසූ විට ඔහු තමාගේ දුරකථනයෙන් ඔහුගේ බිරිඳ වූ ශිපානා ඌමාර් වෙත ඇමතුමක් ලබාදුන්නා. ඇය ජමිල් පිටරට සිට පැමිණ සිටින බවත් ගෙදර පොඩි ආරවුලක් වී නිවසින් පිටවී සිටින බවත් පැවසුවා.

එම ඇමතුම ලබාගැනීමෙන් විනාඩි 5 කට 6 කට පමණ පසුව ශිපානාගේ දුරකථනයෙන් තමාට දෙමළ භාෂාවෙන් පුද්ගලයකු ඇමතූ බවත් ඔහු තමාගෙන් ජමිල් නවතා ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් පැවසීය. නමුත් ඒ වනවිට ජමිල් වැල්ලවත්ත දෙසට පිටවී ගොස් තිබුණ නිසා එම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වූ බවත් තමා ඒ වනවිට එම පල්ලියෙන් පිටවීමට සූදානමින් සිටි බවත් සාක්‍ෂිකරු කොමිෂන් සභාව හමුවේ පැවසීය. එම ඇමතුම ලබාගැනීමෙන් විනාඩි දෙකකට පමණ පසු යළිත් එම පුද්ගලයාට ඇමතුමක් ලබාගෙන ජමිල් පිළිබඳව විමසුවත් ඒ වනවිට ඔහු එම ස්ථානයෙන් ඉවත් වී සිටි බවත් සාක්‍ෂිකරු පැවසීය.

ඉන් අනතුරුව සවස 5.00 ට පමණ යළිත් පෙර කතා කළ පුද්ගලයාම වෙනත් දුරකථනයකින් තමාට ඇමතූ බව පැවසූ සාක්‍ෂිකරු වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ දුරකථනයෙන් කතා කළ පුද්ගලයා තමන්ව එම්. එච්. ඞී. හෙවත් බුද්ධි අංශයේ නිලධාරියකු ලෙස හඳුන්වා දුන් බවයි. කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් සාක්‍ෂි ලබාදුන් සාක්‍ෂිකරු පවසා සිටියේ දුරකථනයෙන් ඇමතූ පුද්ගලයා ජමිල්ව හමුවූ ස්ථානයට රැුගෙන යන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවයි. ඒ සඳහා තමන් එකඟතාව පළ කළ බව ප‍්‍රකාශ කළ සාක්‍ෂිකරු තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ තමන් ඔවුන්ට හැව්ලොක් ටවුන්හි බුදු පිළිමය අසලට එන ලෙස දැනුම් දුන් බවයි. හැව්ලොක්ටවුන්හි බුදු පිළිමයට ආසන්න ස්ථානයක රැුඳී සිටින විට තමා තුළ ඇති වූ යම් සැකයක් නිසා තමන් වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත ගිය බව ද පැවසූ සාක්‍ෂිකරු කොමිෂන් සභාව හමුවේ තවදුරටත් සඳහන් කර සිටියේ තමන් පොලිස් ස්ථානය තුළ රැුඳී සිටින විට දුරකථනයෙන් පෙර කතා කළ පුද්ගලයා තමාට යළිත් දුරකථනයෙන් අමතා හැව්ලොක්ටවුන්හි බුදු පිළිමය පිහිටි ස්ථානයට පැමිණ සිටින බව දැනුම් දුන් බවයි. එම අවස්ථාවේදී තමන් වැල්ලවත්ත පොලිස් ස්ථානයේ රැුඳී සිටින බව දැනුම් දුන් විට එම පුද්ගලයන් එම ස්ථානයට පැමිණ ජමිල් සිටින ස්ථානයට යෑමට අවශ්‍ය බව යළිත් පැවසූ බවත් සාක්‍ෂිකරු පැවසීය.

බුද්ධි අංශ නිලධාරීන් සමග ජමිල් සිටිය ස්ථානයට පිටත්ව යන විට බුද්ධි අංශ නිලධාරියකුගේ දුරකථනයට ලැබුණු කෙටි පණිවුඩයක් හේතුවෙන් එම බුද්ධි අංශ නිලධාරියා තමන්ව යළිත් වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත ඇරලවා පිටත්ව ගිය බව පැවසීය. තමන් පරීක්‍ෂා කළ ජමිල්ගේ රියැදුරු බලපත‍්‍රයේ තිබූ ඡුායාරූපය සහ බුද්ධි අංශ නිලධාරියාගේ දුරකථනයට ලැබුණු මැසේජ් එකේ තිබූ ඡුායාරූපය එක හා සමාන බව පැවසූ සාක්‍ෂිකරු කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ ඒ වනවිට වෙලාව සවස 6.00 පමණ වී තිබූ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.