May 28

අවමංගල්‍ය උත්සවවල කැරම් ක්‍රීඩාව බෑ.. බුලත් විට කන්න බෑ.. අලුත්ම නීතිරීති මෙන්න !


ජන ජීවිතය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී අවමංගල්‍ය උත්සවවල දී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

අවමංගල්‍යය උත්සව හැකි පමණ පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන ලෙසයි මෙමගින් නිර්දේශ කර ඇත්තේ. අවම දින ගණනකදී චාරිත‍්‍ර සම්පූර්ණ කර අවසන් කටයුතු සිදු කරන ලෙසද, අවමංගල්‍ය නිවසේදී සියලූ දෙනා මුව ආවරණ පැළඳ සිටීමට වග බලා ගන්නා ලෙස ද නිර්දේශ කර තිබෙනවා.

අවමංගල්‍ය නිවසට පිවිසෙන ස්ථානයේ අත් සෝදා ගැනීම සඳහා පහසුකම්ද සලසා තිබිය යුතුයි. පුටු ස්ථාන ගත කිරීමේ දී ඒවා අතර අවම වශයෙන් මීටරයක පරතරයක් පවත්වා ගන්නා ලෙසද මෙම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වනවා.

අවමංගල්‍ය නිවසේ දාම්, කැරම්, කාඞ් වැනි ක‍්‍රීඩාවල යෙදීමට ඉඩ නොදිය යුතු බවයි මෙමගින් වැඩිදුරටත් උපදෙස් දී තිබෙන්නේ.

මත්පැන් පානය, දුම්පානය සහ බුලත් විට ආහාරයට ගැනීමටද අවමංගල්‍ය නිවසේ ඉඩනොදී යුතු බව අවධාරණය කර තිබෙනවා.

අවමංගල්‍ය සඳහා පැමිණෙන්නන්ට සංග‍්‍රහ කරන්නේ නම් ඒ සඳහා ඉවත දැමිය හැකි කෝප්පයක උණුසුම් පාන වර්ගයක් පමණක් ලබාදෙන ලෙසයි නිර්දේශ කර තිබෙන්නේ. භාවිත කිරීමෙන් පසු කෝප්ප බැහැර කිරීමට කසල බඳුනක් සූදානම් කර තබන ලෙස ද උපදෙස් දී තිබෙනවා.

නිතර නිතර ස්පර්ශවන පෘෂ්ඨ නැවත නැවත විෂබීජහරණය කිරීමටද කටයුතු කළ යුතුයි.

අවමංගල්‍ය සඳහා සහභාගි වන්නන් විසින් පිළිපැදිය යුතු උපදෙස් සමහරක් ද මෙම මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් වනවා. අත්‍යවශ්‍ය නොවේ නම් අවමංගල්‍ය සඳහා සහභාගි නොවන ලෙසයි එයින් යෝජනා කර ඇත්තේ. දුරකතන ඇමතුම්, ඊමේල් හෝ වෙනත් ක‍්‍රම මගින් ශෝකය ප‍්‍රකාශ කළ හැකි බවද පෙන්වා දී තිබෙනවා. අවමංගල්‍ය නිවසට ගියත් එහි අවම කාලයක් ගත කරන ලෙසයි උපදෙස් දී තිබෙන්නේ. පුද්ගලයින් ස්පර්ශ කිරීමෙන් වැළකී පුද්ගල දුරස්ථභාවය සෑම විටම පවත්වා ගන්නා ලෙස ද උපදෙස් දී තිබෙනවා. ඒ අනුව වැළඳ ගැනීම හෝ සිප ගැනීම නොකළ යුතුයි. අවමංගල්‍ය නිවසට ඇතුළුවන විට අත් සේදීමට ද ආපසු පැමිණි පසු වහාම ස්නානය කර පිරිසුදු වන ලෙසද මෙමගින් උපදෙස් දී තිබෙනවා. කෙසේ වෙතත් කොවිඞ් 19 රෝගය සිදුවන මරණ සඳහා අවමංගල්‍ය කටයුතු තවදුරටත් සිදු වන්නේ මීට පෙර නිකුත් කෙරුණු චක‍්‍රලේඛයට අනුව බවයි මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.