May
29
ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නළුවකුගේ පුතෙක් මෙහෙයවූ මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම
මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවන ලද මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු සමත් වූහ. මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ නඩුවකට අත්අඩංගුවට ගෙන මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ජනප‍්‍රිය ටෙලිනාට්‍ය නළුවකුගේ පුතෙක් විසින් මෙහෙයවන ලද මහා පරිමාණ මත්කුඩු සහ ඩාන්සින් ටැබ්ලට් ජාවාරමක් වැටලූ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් රුපියල් ලක්ෂ හැටපහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් සහ ඩාන්සින් ටැබ්ලට් තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මත්කුඩු සම්බන්ධ වරදකට රිමාන්ඞ් ගතව සිට මීට මාස දෙකකට පෙර ඇප මත නිදහස්ව පැමිණ සිටි පෑලියගොඩ නගර සභාවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරයකුගේ සොහොයුරෙක් බව කියන පුද්ගලයෙක් පසුගිය 25 වැනිදා 4 කණුවේ මහජන බැංකුව අසලදී එක්ස්ටේල් වර්ගයේ සුඛෝපභෝගි ජීප්රථයකින් හෙරොයින් ග‍්‍රෑම් 25ක් ප‍්‍රවාහනය කරමින් සිටියදී ප‍්‍රථමයෙන් අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් ලද තොරතුරු මත අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගත් 26 වනදා අළුත්කඬේ අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රැුඳවුම් නියෝග ලබා ගත් පොලිසිය ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම මහාපරිමාණ මත්කුඩු ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ද බව කියන දෙවන සැකකරු කැලණිය බුළුගහ හංදියේදී ඩාන්සින් ටැබ්ලට් (විෂමත්ද්‍රව්‍ය* 1900 සහ හෙරොයින් මිලිග‍්‍රෑම් 3500 සමග අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් ලබාගත් තොරතුරු මත ජාවාරමේ තුන්වන සැකකරු 27 වනදා කැලණිය මෑවැල්ලේ සුපිරි වෙළෙඳ සැලක් අසලදී මත්කුඩු මිලිග‍්‍රෑම් 3200ක් ප‍්‍රීමියර් වර්ගයේ සුඛෝපභෝගි කාර් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
මොවුන් කණ්ඩායමක් ලෙස එක්ව මෙම ජාවාරම සිදු කර ඇත. මෙම ඩාන්සින් මත් පෙති රාත‍්‍රි සමාජ ශාලාවලදී පාවිච්චි කරන බවත් එක් පෙත්තක් රුපියල් 3000/3500 ක් අතර මිලකට අලෙවි කරන බවත් පොලිසිය පැවසීය.
ඉකුත් වසරේ පෑලියගොඩ මල්වත්ත පාරේ නිවසකදී මත්කුඩු කිලෝ එකහමාරක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරාද මෙම ජාවාරම පසුපස සිටින බව පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත. 27 වනදා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 28 වැනිදා කොළඹ අළුත්කඬේ අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කොවිඞ් 19 වසංගතයට මුවාවී ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වෙමින් පවතින කාල වකවානුවක බස්නාහිර පළාත තුළ සිදුවන මත්කුඩු ජාවාරම වටලන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් සහ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන උසස් නිලධාරීන්ගෙන් ලද උපදෙස් මත මෙම වැටලීම් සිදුකර ඇත. කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරාරච්චි මහතාගේ උපදෙස්මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා උපපොලිස් පරීක්ෂක සමීර මංජුල කුලසිංහ,පොලිස් සැරයන්වරුන් වන (33507 ධර්මසිරි, (23310 අබේනායක, (33434 ජයතුංග පොලිස් කොස්තාපල්වරුන් වන (61030 සරත්, (73099 දේදුණු, (88617 හෙන්නායක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.