May
21
තම පෙම්වතිය මොනරාගල තිස්ස පාරේ පිහිටි නිවාඩු නිකේතනයක රඳවාගෙන නිවාඩු නිකේතනයේ කළමනාකාර වරයෙකුගේ සහාය ඇතිව පිටස්තර පුද්ගලයින්ට මුදලට අලෙවි කළ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සහ නිවාඩු නිකේතනයේ කළමනාකරු මොනරාගල පොලීසිය මඟින් ඊයේ (20) මොනරාගල අත්අඩංගුවට ගෙන ඇත.
ලිංගික අතවරයන්ට ලක්වූ දාහත් හැවිරිදි තරුණිය හා ඇයගේ පෙම්වතා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
තරුණයා විසින් ඇයව මොනරාගල තිස්ස පාරේ පිහිටි ‘හොලිඩේ ඉන්’ නැමති නිවාඩු නිකේතනයකට මීට සතියකට පෙර කැඳවාගෙනවිත් කාමරයක නතරවී ඇත.
පසුව නිවාඩු නිකේතනයේ කළමනාකරුගේ සහාය ඇතිව ඇයව රුපියල් 2,000 සිට 5,000 දක්වා මිලගණන් වලට තරුණයන්ට ලබාදී ඇත.
සිද්ධිය පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා විසින් උපාය දූතයන් යොදවා සැකකාර තරුණයා,නිවාඩු නිකේතනයේ කළමනාකරු සහ තරුණිය අත්අඩංගුවට ගෙන ඇත. තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇයට සිදුවූ අතවර පිළිබඳව පොලීසියට ප්‍රකාශයක් සිදුකැර ඇත.
නිවාඩු නිකේතනයේ කළමනාකරු සහ තරුණියගේ පෙම්වතා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
අතවරයන්ට ලක්වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කැර ඇත.
මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් පිට මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
- බිබිල නඳුන් ගුණතිලක
Source - මව්බිම