May
08
නාවික විරුවන් කොරෝනාවට පෙරලා පහර දෙති
කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සෙබළුන් සියළු දෙනා ඉදිරි දින කිහිපයේදී සුවපත් වනු ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
ඔවුන් වැඩි පිරිසක් මේ වන විටත් සාමාන්‍ය ලෙස සිටින බවත් වෛරසය සම්පූර්ණයෙන්ව ඉවත් වූ පසු රෝහලෙන් බැහැරව ගොස් තවත් දින 14ක් නිරෝධායනයේ යෙනු ඇති බවත් ඔහු පැවසීය.
මේ වන විට නාවික හමුදාවේ ආසාධිතයන් දාහතර දෙනෙකු පූර්ණ වශයෙන් සුවපත් වී රෝහල් වලින් බැහැරව ගොස් ඇත.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරන්නේ නාවික හාමුදාවේ ආසාදිත සෙබළුන් කිසිවකුත් අසාධ්‍ය තත්ත්වයක නොමැති බවයි.
ඔවුන් අති බහුතරයක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවද ඔවුන් සාමාන්‍ය ලෙස කල් ගත කරන බවද ඇය සඳහන් කළාය.
නාවික හමුදාවේ සෙබළුන් මේ වන විට 367 කොරෝනා ආසාදිතයන් වී සිටින අතර එම ප්‍රමාණය කොරෝනා ආසාධිතයන්ගෙන් 45% ක් පමණ ප්‍රමාණයක් වෙයි.
දැනට රෝහල්ගතව සිටින පිරිස 556ක් වන අතර නාවික සෙබළුන් 354 දෙනෙකු අයත් වන්නේ එම පිරිසටයි.
ඒ අනුව මෙම සෙබළුන් සුවපත් වීමත් සමගින් මෙරට තුල කොරෝනා වක්‍රය සම්පූර්ණ වශයෙන් වෙනස් වීමකට ලක් වීමට නියමිතය.