May 29

දෙහිවල දේවස්ථාන පාස්කු ප‍්‍රහාරයෙන් බේරුණ ඈත්ත කතාව මෙන්න


දෙහිවල ප‍්‍රදේශයේ සියලූ කතෝලික දේවස්ථානවලට ආරක්ෂා සපයා තිබූ බැවින් 2019 අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු දින එල්ල කළ බෝම්බ ප‍්‍රහාරවලින් එම දේවස්ථාන ආරක්ෂා වූ බව ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී එච්.ඒ.ඞී සමන් උදයකුමාර ජයසේකර මහතා පාස්කු බොම්බ ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ 28දා පැවසීය.

දෙහිවල සහ කොහුවල යන ප‍්‍රදේශ භාරව රාජකාරි කටයුතු කළ අදාළ නිලධාරියා නිවාඩු ලබා ගෙන තිබූ එම අවස්ථාවේදී තමන් විසින් එම රාජකාරිය ආවරණය කිරීමට කි‍්‍රයා කළ බව පැවසූ ඒ මහතා තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ පොලිස් මුරපොළක් පවා ස්ථාපිත කර තමන් විසින් එහි කටයුතු නිරීක්ෂණය කිරීමට පවා කටයුතු කළ බවයි.

තමන් යටතේ සේවය කළ නිලධාරීන්ගේ සේවය පිළිබඳව සෑහීමකට පත්වන බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ එම නිලධාරීන් තම සේවය නිසි පරිදි ඉටු කිරීමට කටයුතු කළ නිසා බොම්බකරුවන්ගේ උපක‍්‍රම අසාර්ථක වී එම බෝම්බකරුවන් වෙනත් ස්ථානයකදී එම බොම්බ පුපුරුවා ගන්නට ඇතැයි කියා තමන් විශ්වාස කරනබවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.