May 13

සහරාන්ගෙන් උගත් දරුවන් පාපොච්චාරණයේ. මද‍්‍රාසා පාසලේ විදුහල්පති හිස්බුල්ලා


පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක ලෙස කටයුතු කළ සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදී නායකයන් පැවැත්වූ දේශනවලට සහභාගි කරවා ගෙන ඇති බාල වයස්කාර දරුවන් 16 දෙනාගෙන් 14 දෙනකුගෙන් හා ඔවුන්ගේ මවුපියන්ගෙන් සංවිධානාත්මක පිරිසක් රහසිගතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරුද්ධව දිවුරුම් ප්‍රකාශ ලබා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.

මෙම බාල වයස්කාර දරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කලින් ප්‍රකාශ සටහන් කර තිබිණි.

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි අරාබි පාසලක ඉගෙනුම ලබමින් සිටියදී සහරාන් ඇතුළු කණ්ඩායමේ දේශනවලට සහභාගි වුණේ යැයි කියන පිරිමි දරුවන් දෙදෙනකු ඊයේ (12දා) පැය 3 1/2කට අධික කාලයක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ප්‍රකාශ දුන්නේය.

ඔවුන් සම්බන්ධවී ඇති දේශන සම්බන්ධයෙන් අධිකරණයට ප්‍රකාශ දීමට අවශ්‍ය බව ඔවුන් දෙදෙනාගේ මවුපියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගත් විමර්ශන නිලධාරීන් පිරිමි දරුවන් දෙදෙනාට එම ප්‍රකාශ ලබාදීමට පියවර ගෙන තිබිණි.

මෙම පිරිමි දරුවන් දෙදෙනා ද්‍රවිඩ භාෂා පරිවර්තකයකුගේද සහාය ඇතිව මහෙස්ත්‍රාත් නිල කාමරයේදී ප්‍රකාශ ලබා දුන්නේය.

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන නීතිඥ හිජාස් හිස්බුල්ලා බාල වයස්කාර දරුවන්ට අවි පුහුණුව ලබාදීමේ සිද්ධියකටද සම්බන්ධ බව එම දරුවන් දෙදෙනා කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ කළ විශේෂ ප්‍රකාශය මඟින් හෙළි වී තිබිණි.

මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ දී ඇත්තේ වයස අවුරුදු 10ට අඩු වයස්වල පසුවූ දරුවන් දෙදෙනෙකි.

ඔවුන් අධ්‍යාපනය ලැබූ මද්‍රසා පාසලේදී අන්තවාදී ඉගැන්වීම් හා සටන් පුහුණුව ලබා දුන් ආකාරය පිළිබඳව ද මෙහිදී අනාවරණය කර තිබේ. පාස්කු ප්‍රහාරයට පෙර බාලවයස්කාර දරුවන් නේවාසිකව තබාගෙන විවිධ පුහුණුවීම්වලට යොමු කරමින් ත්‍රස්ත පුහුණුවක් ලබාදී ඇතැයිද ඔවුන් හෙළි කර ඇත.

රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයන් මෙම මද්‍රසා පාසල පවත්වාගෙන ගිය බවත් ඔවුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කර ගෙන තිබේ.

එමෙන්ම කොළඹ ෂැංග්‍රිලා හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද්දේ අදාළ සංවිධානයේ ලේකම්වරයා සහ භාණ්ඩාගාරිකවරයා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව “බී” වාර්තාවක් මඟින් අධිකරණයට දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අම්පාර සයින්දමරුන්දු හි නිවෙසක් තුළ කුඩා දරුවන්ද සමඟ බෝම්බයක් පුපුරුවා ගෙන මිය ගිය සහරාන් හෂීම්ගේ සොයුරා වන මොහොමඩ් රිල්වාන් නමැත්තා ද මේ මද්‍රසා පාසලේ දේශකයකු ලෙස කටයුතු කර තිබෙන බවද තහවුරු කරගෙන ඇත. එහි විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිජාස් හිස්බුල්ලා නම් වූ නීතිඥයා බව එම දරුවන් දෙදෙනා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කර ඇති ප්‍රකාශයේ සඳහන් වේ.

Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.