May
25
විදේශවල සිටින ලාංකිකයන් ගෙන්වීම සීමා කරනවා..!
විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීමට අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
නාවික හමුදාවේ කොරෝනා පොකුර විසඳා නැති තත්වයක් යටතේ විශාල වශයෙන් විදේශ රටවල සිට පුද්ගලයන් පැමිණීම ගැටලුවක් ඇති කළ හැකි බව ද ඔහු පවසයි.
එනිසා ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි සිට මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීමට තීරණයක් ගැනීමට සිදු වනු ඇති බවද ඔහු අවධාරණය කරයි.
මේ අතර අද දින කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් රැගෙන පැමිණිමට නියමිතව තිබු ගුවන් ගමනද නවතා දමන ලදී.
මේ වන විට විදේශයන්හිදී සිට පැමිණි විශාල පිරිසක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර දැනට වැඩි පිරිසක් සිටින්නේ නාවික හමුදාවේ සහ විදේශයන්හි සිට පැමිණි කොරෝනා ආසාදිතයන් ය.
ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම සීමා කිරීමට අවධානය...
ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම සීමා කිරීමට අවධානය...
Posted by Ada Derana Sinhala on Monday, May 25, 2020