May
22
කොරෝනා නිසා ට්‍රම්ප් ඉවරයි. 2020 මහමැතිවරණයෙන් ඓතිහාසික පරාජයක්
කොරෝනා ආර්ථික අවපාතය හේතුවෙන් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් “ඓතිහාසික පරාජයක්” අත්විඳිනු ඇතැයි ජාතික මැතිවරණ ආකෘතියක් පුරෝකථනය කර තිබේ. Oxford Economics හි ආකෘතිය මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කිරීම සඳහා විරැකියාව, ආදායම සහ උද්ධමනය භාවිතා කර තිබේ.
මෙම ආකෘතියට අනුව ට්‍රම්ප්, ජනප්‍රිය ඡන්දවලින් සියයට 35 ක් පමණක් අත්පත් කර ගනිමින් පරාජයට පත්වනු ඇතැයි CNN වාර්තා කර ඇත. මෙම ආකෘතිය පසුගිය මැතිවරණ 18 න් 16 ක ජයග්‍රාහකයා ගැන පුරෝකථනය කර ඇති අතර එක්සත් ජනපදයෙහි කොරෝනා වෛරසය පැතිරීමට පෙර ආකෘතිය පුරෝකථනය කළ කරුණුවලට හාත්පසින්ම වෙනස් වී ඇතැයි පැවසේ.
මහජන සෞඛ්‍ය අර්බුදයට පෙර ට්‍රම්ප්, සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි Oxford Economics අනාවැකි පළ කර තිබිණි. රට දැනට මුහුණ දී ඇති දුර්වල ආර්ථික පසුබිම සැලකිල්ලට ගනිමින් පසුබෑම ඇති වී ඇති බව මෙම ආකෘතිය පෙන්වා දෙන අතර, මැතිවරණය වන විටත් එය එසේ වනු ඇති බව උපකල්පනය කර තිබේ.