May 16

මගේ ක්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න - ජනපති


රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.
අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටළු නිරාකරණය සඳහා සාකච්ඡාව කැඳවා තිබිණි.

රජයේ සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටළු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. රාජ්‍ය දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමාගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

“රටට ආවේණික නොවන සහ පරිසර සංරක්ෂණයට අදාළ නොවන වන වගා ඉවත් කොට රටට ගැලපෙන වගා හඳුන්වාදීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගත යුතුය. ඒ සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේදී දීර්ඝ කාලයක් ගත යුතු නැත. ඒ ඒ ආයතන අතර අවබෝධයෙන් හා රාජ්‍ය ප්‍රතිපත්ති හඳුනාගෙන කටයුතු කිරීමෙන් බොහෝ ගැටළු විසඳා ගත හැකිය. රජය නිවැරදි ප්‍රතිපත්තිමය තීරණයක් ගත් විට සියලුම රාජ්‍ය ආයතන එම ප්‍රතිපත්ති අනුව වැඩ කළ යුතුය. හරි දේ කිරීමට කිසිවිටෙක බාධාවක් තිබිය නොහැක. නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි. රාජ්‍ය නිලධාරියාගේ වගකීම ප්‍රශ්න විසඳීම මිස පැහැර හැරීම නොවන බව” ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වසර ගණනාවක් තිස්සේ එතනෝල් ආනයනය නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් වූ බැවින් එය නතර කිරීමට පියවර ගත් බව පෙන්වා දුන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත් වී එම තීරණය වෙනස් නොකරන බව ද කීය.

අනුබද්ධ ආයතන අතර පවතින ගැටළු නිසි පරිදි සාකච්ඡාවට නොගැනීමෙන් නඩු මගට යෑමට රජයේ ආයතනවලට සිදුව ඇති බවද මෙහිදී හෙළි විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නඩු 800ක් පමණ ගොනු කර ඇති අතර ඉන් 300 ක් පමණ වැවිලි සමාගම් සමග බවද හෙළි විය.

අමාත්‍ය රෙමේෂ් පතිරණ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය


මේ තමා ලංකාවේ ජනාධිපති... පු.. ඉත්තෑවෝ දුවන උන් පැත්තකට වෙයල්ලා...🖕
Posted by Indika Liyanage on Friday, May 15, 2020
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.