May
02
පිට පලාත් වලින් පැමිණි පිරිසක් නිසා ප්‍රදේශවාසීන් බියෙන් නොසන්සුන්
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක නැවතී සිටි මහනුවර හා අම්පාර ප්‍රදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙක් හේතුවෙන් පවතින කොරෝණා අවධානම නිසා එම පිරිසට වහාම ඉවත්වන ලෙස ඉල්ලා ප්‍රදේශවාසී තරුණ පිරිස් (29)දා රාත්‍රියේ විරෝධාය පෑමත් සමග ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හට ගෙන ඇත.
නමුත් අදාල නිවසේ සිටි පුද්ගලියින් පවසා ඇත්තේ තමන් දිගු කලක සිට පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වාසය කරන බවටත් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟලුම්හලේ සේවකයින් වශයෙන් කටයුතු කරන බවටත්ය.
අනතුරුව එම ස්ථානයට පැමිණි පුදුකුඩිඉරිප්පු පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් නිවසේ සිටි පුද්ගලයින්ට නිවස තුලම ඉදිරි දින කිහිපයේදී නිරෝධායනය වන ලෙසට උපදෙස් ලබා දී විරෝධය පෑ තරුණ පිරිස් වෙතට කරුණු පහදා දීමෙන් පසුව තත්වය සමතයකට පත්විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ