May
25
කුහකයන් ලංකාවට පැන තරු හෝටල් වල සිට වෛද්‍යවරුන්ගේ ඇගට ගොඩවෙති
විදේශ රටවලින් පැමිණි තරු හෝටල් වල නිරෝධායනයට යොමුකර ඇති ඇතැම් පිරිස් තම රාජකාරිය සඳහා බාධා කරන බව වෛද්‍යවරුන් චෝදනා කරති.
වාද්දුව සහ බේරුවල ප්‍රදේශයේ තරු පන්තියේ හොටල් තුල නිරෝධායනයට ලක් වන්නන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට යන නිලධාරීන්ට බාධා එල්ල කරන බව කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.
තම කණ්ඩායම ඔවුන්ගේ කොරෝනා පරීක්ෂණ සඳහා යන අවස්ථාව ද එම පිරිස් තම කාර්ය මණ්ඩලයේ කාලය අපතේ යවමින් ඔවුන්ගේ පණ්ඩිත බව ප්‍රකාශ කරමින් සිටින බවත් පරීක්ෂණ සඳහා සහාය ලබා දීමට මැළි වන බව ඔහු කියා සිටියේය.
ඒ නිසා එම පරීක්ෂණ කටයුතුවලින් ඉවත්වීමට තීරණයක් ගැනීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
නමුත් කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේදී නිලධාරීන්ට ඉතා ඉහළ සහයෝගයක් ලබා දුන් බවත් එනිසා මසක පමණ කාලයක් තුල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් කිසිවකු හමු නොවූ බවද ඔහු පැවසීය.