Apr
10
එළැඹෙන අපේ‍්‍රල් 19 දින වන විට මෙරට කොරෝනා ආසාදිත සියලු රෝගීන් හඳුනා ගැනීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
අප්‍රේල් 19 වනදා වන විට රටපුරා ඇදිරි නීතිය පනවා මාසයක කාලයක් ගතවන බවද එමෙන්ම විදේශගතව සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයන්ට මාසයක කාලයක් සම්පූර්ණ වන බව ද ඇය පැවසුවාය.
එම මාසයක කාලයෙදි කොරෝනා වෛරසය කිසිවෙකුට වැලඳුණේ නම් හඳුනා ගැනීමට හොඳටම හැකියාව ඇති බවත් රෝග ලක්ෂණ නොමැති රෝගීන් සිටියේ නම් ඔවුන් සුව වීමටද එම කාලය ප්‍රමාණවත් නිසා බවද ඇය පැවසුවාය.
මෙතෙක් රජයට ලබා දුන් සියලු සහයෝගය එළඹෙන 19 වන දා තෙක් ලබා දුනහොත් ශ‍්‍රී ලංකාව කොරෝනා වෛරසයට ගිලගැනීමට ඇති සියලු ඉඩකඩ අවසන් වනු ඇති බවද ඇය දැඩි විශ්වාසය පළ කළාය.
සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලද්දේ කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය මාධ්‍ය හමුවේදීය.