Apr 23

විසිරවූ ගැසට්ටුව අවලංගුයි. පැවති පාර්ලිමේන්තුව කැදවන්න


මාර්තු මස 02වෙනි දින සිදුකළ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප‍්‍රකාශනය දැන් බලරහිත බැවින් වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට තමන් කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.

විසුරුවා හැරීමේ ප‍්‍රකාශනය බලරහිත බැවින් කතානායකතුමාට නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ බලතල හිමිවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප‍්‍රකාශනයේ මැතිවරණය පැවැත්විය යුතු දිනය ලෙසට අපේ‍්‍රල් මස 25දින සඳහන් කොට තිබූවත් රටේ පවතින තත්වය අනුව එම දිනය ජූනි මස 20 වන දිනය ලෙසට සංශෝධනය වීම හේතුවෙන් පැහැදිලිවම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප‍්‍රකාශනය බලරහිත වන බව හිටපු සභානායකවරයා අවධාරණය කර සිටී.

පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව විපක්ෂයක් ලෙස රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරිමට බලාපොරොත්තු වන බවත් කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට රජට ගෙනයන කාර්්‍යයන් සදඟා අවශ්‍ය වන මුදල් ප‍්‍රතිපාදන මෙන්ම නීතිරීති සම්පාදනය කිරිම සඳහාද විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බවද හිටපු සභානායකවරයා ප‍්‍රකාශ කරසිටි.

2018 ඔක්තෝම්බර් මස එවකට හිටපු ජනාධිපතිවරයා නීති විරෝධිව පාර්ලිමේන්තුව විසුරුවා හැරි නමුත් කතානායකවරයා ස්ථාවරව සිට නීතිවිරෝධි විසුරුවාහැරීම පිළිනොගැනීම හේතුවෙන් යහපාලන රජයම නැවත බලයේ පිහිටුවීමට එවකට ජනාධිපතිවරයාට සිදුවුණා යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

- media unit
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.