Apr 21

කොරෝනා අපේ පාලනය යටතේ - ජනපති


කොරෝනා වසංගතය රට තුළ පැතිරයාම පාලනය කර ඇතැයි ද, එය මේ රටින් තුරන් කර දැමීමට ජනතාවගේ සහාය ඉතා අවශ්‍ය යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ රූපවාහිනි නාලිකා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

කොරෝනා වයිරසය නිසා තිබෙන තර්ජනය අවසන් වී නැතැයි කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශය නියම කර ඇති පිළිපැදිම්වලින් පිට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

 මෙම වසංගතයේ අවදානම දැනගෙන, තමාත් තම රජයත් එය පාලනය කිරීමට කල්තියාම පියවර රැසක් ගත් බව කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශත්, ආරක්ෂක අංශත් ඒ සඳහා සුවිශාල සේවයක් ඉටුකළ බවත් සඳහන් කළේය.

කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

වර්තමාන වසංගත තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව මැතිවරණය කල්දමනු ලැබූවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් බවත්, මැතිවරණය යළි පවත්වන දිනය තීරණය කළ යුත්තේ කලින් නියම කර තිබූ දිනය වෙනස් කළ ස්වාධීන මැතිවරණ කොමිසමම බවත්, ජනාධිපතිවරයා කීවේය.

පවතින තත්ත්වය හමුවේ සුදුසු ආකාරයට මැතිවරණය පැවැත්වීමේ අවස්ථාව මැතිවරණ කොමිසමට තිබෙන බවත් අවශ්‍ය නම් මැතිවරණය සඳහා දින කිහිපයක් වූවද ගත හැකි බවත් ජනාධිපති රාජපක්ෂ මහතා පැවැසීය.

කුමන හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමාට අවශ්‍යතාවක් නැති බවත්, ඒ සඳහා තමාට නීතිමය වාතාවරණයකුත් නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට කරන ඉල්ලීම් හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙනයා හැකි යැයි සිහින දකින අයගේ අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.

Source - ලංකාදීප
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.