Apr 08

කොලඹ සිරවූ පිරිස් ගමට යැවීම භයානකයි



ගම්බිම්වලට යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයින් ගම්වලට පිටත්කර හැරීමට විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරයි.

බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයන් තම ගම්බිම්වලට යෑමට කරන ඉල්ලීම් කෙතරම් මානුෂීය වුවත් නිසි සැලසුමකින් තොරව එය සිදුවුවහොත් රටපුරා ජනතාව මෙන්ම සෞඛය සහ ආරක්ෂක අංශ කාර්ය මණ්ඩලවලට අනවශ්‍ය අවධානමක් දැරීමට සිදුවන බවත් හෙතෙම මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දේ.

ඒ අනුව බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයන් ගම්බිම්වලට පිටත් කර හරින වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ අවධානය යොමු කරන ලෙස රජයෙන් හා අදාල අංශ වෙත එම සංගමය දන්වා සිටියි.එම කරුණු තුන වන්නේ,

  • පුද්ගලයන් ගම්බිම්වලට පිටත් කර හැරීමට පෙර සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වල පොදු එකඟතාවක් සහිත විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළෙක් සකස් කිරීම.එය ක්‍රියාත්මක වීම සමීපව අධීක්ෂණය .
  • පුද්ගලයින් ගම් දනව් වෙත පිටත් කර හැරීමෙන් පසුව ඔවුන් ස්වයං නිරෝධානයට යොමු කළහොත් එය එතරම් සාර්ථක නොවිය හැකි බැවින් ප්‍රාදේශීයව කණ්ඩායමක් වශයෙන් නිරෝධායනය කර සමාජ ගත කිරීම.(මෙහිදී එක් එක් ප්‍රදේශයට / දිස්ත්‍රික්කයක ගමන් කණ්ඩායමේ සංඛ්‍යාව අනුව තීරණය ගත යුතුය)
  • පුද්ගලයන් ප්‍රවාහනය කිරීමේදී එකිනෙකා අතර වෛරසය ආසාදනය වීමේ අවස්ථාව අවම කිරීම.

මෙම තීරණාා්තමක කාලයේදී එක් අතපසු වීමක් වුවද දරුණු ප්‍රථිඵල ගෙන දිය හැකි බැවින් මෙම කරුණු ⁣විශේෂ සැලකිල්ලට ගත යුතු බවද සභාපති වරයා වැඩි දුරටත් දන්වා සිටියි.

Source - ADA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.