Apr
14
මෙරට තුළ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මෙරට සෞඛ්‍ය අංශ විසින් මේ වන විට යම්කිසි ආකාරයකින් පාලනයකට යටත් කරගෙන සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
නමුත් රෝගී තත්වය අවසන් වී නැති බවත් සෑම දිනකම යම්කිසි රෝගීන් සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවත් ඔහු පැවසීය.
මේ හමුවෙන සෑම රෝගියෙකුම නිරෝධායන මධ්‍යස්ථානවලින් හෝ නිරෝධායනයට ලක් කරන ලද අය හෝ රෝගීන් ලෙස දැනට හදුනාගෙන සිටින්නන්ගේ සබදතා සහිත අය බවත් ඔහු පැවසීය.
සියළු රෝගීන් මෙසේ එකම දම්වැලක පුරුක් ලෙස නිශ්චිත සීමාවක හමුවීම යම්කිසි අස්වැසිල්ලක් නමුත් මෙය මෙතෙක් අවසානයක් දකින්නට ලැබීම ගැටලුවක් යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.