Sep
06
අර්ජුන්ට බැඳුම්කර ගණුදෙනුවේ තොරතුරු ලැබුණ හැටි හෙළිවෙයි

අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.
මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසී පිළිබඳ අභ්‍යන්තර රහසිගත තොරතුරු අර්ජුන් ඇලෝෂියස් සතුව තිබී ඇති බවට එම සංවාද ඔස්සේ හෙළි වී ඇති බව වාර්තා වෙයි.
මේ අතර ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිසම ස්ථාපිත කර ඇති භූමියට ලබා දී ඇති ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
කොමිසම සිදුකරන ලද ඉල්ලීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා සහ ආයුද සන්නද්ධ පොලිස් නිලධාරීන් කොමිසමේ ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
දහවල් කාලයේ ආයුද සන්නද්ධ පොලිස් නිලධාරීන් බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර රාත්‍රී කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
බැඳුම්කර කොමිසම විසින් සිදු කරන විමර්ශනයට අදාලව වැදගත් ලිය කියවිලි රැසක් මේ වන විට කොමිසම සතුව පවතින බැවින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.