Aug 28

පල්ලෙකැලේ හැසිරීම ශ්‍රී ලංකාවට අපකීර්තියක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක් දින තරඟාවලිය පරාජයට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ගේ හැසිරීම කණගාටුදායක බව ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයන් මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මගින්ද ප්‍රකාශ කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය දරා ගැනීමට නොහැකිව කෝපයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් කණ්ඩායමක හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉරිදා පැවති තුන්වැනි එක් දින තරගය විනාඩි තිස් පහක කාලයක් නතර කිරීමට සිදු විය.

ඉන්දියානු කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ළකුණු අටක් පමණක් අවශ්‍ය මොහොතක ක්‍රීඩාලෝලීහු වතුර බෝතල් ආදියෙන් ක්‍රීඩාංගනයට පහර දීමත් සමඟ තරඟය නතර කෙරුණි.

තරගය යළි ආරම්භ කළේ කැරළි මර්දන පොලිස් ඒකකය ක්‍රීඩාංගණය තුළ අසංවර ආකාරයට හැසිරුණ ක්‍රීඩාලෝලීන් ඉවත් කරනු ලැබීමෙන් අනතුරුවයි..

එහෙත් තත්වය සමනය කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ඉක්මනින් මැදිහත් නොවුණ බව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා විචාරක හර්ෂා බෝග්ලේ 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

හර්ෂා බෝග්ලේ, හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සුනිල් ගවස්කාර් සමග විස්තර විචාරයේ යෙදෙමින් අසංවර ලෙස හැසිරුණු ක්‍රීඩා ලෝලීන් 'අමන පිරිසක්"'ලෙස හඳුන්වා දී තිබුණි.

අතලොස්සක් ක්‍රීඩාලෝලීන්ගේ අසංවර හැසිරීම හේතුවෙන් සමස්ත ක්‍රීඩාලෝලීන්ට වැරදි නාමයක් ඇති කෙරෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

ඉරිදා (අගෝස්තු 27) පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ලද පරාජය පිළිබඳව බීබීසියට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් 'පරාජයේ වේදනාව ගැන මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේ හැසිරීම පිළිබඳව' කනගාටුව පළ කළේය.

"ගොඩක් හිතට දුකයි. අපේම ක්‍රීඩා ලෝලීන්ගේ හැසිරීම ගැන. පිටියට බෝතල් වලින් පහර දෙන්න පටන් ගත්තම අපි ක්‍රීඩාංගණය මැදට ආව. අලුත් ළාබාල ක්‍රීඩකයන් ඊයේ සිද්ධියෙන් හොඳට මානසිකව ඇද වැටිලා ඉන්නේ" එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා පවසයි.

"අපි ගොඩක් මහන්සි වෙනවා කොහොමහරි ජයග්‍රාහී මගට එන්න, නමුත් ඉන්දියාව හොඳට ක්‍රීඩා කරනවා, මේ අමාරු මොහොතේ අපට අපේ ක්‍රීඩාලෝලීන්ගේ සහයෝගය අවශ්‍යයි" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.