Aug
17

‘ගුරුවරියකගේ චරිතයක් ටෙලියක නිරූපණය කරන පළමු වතාව මේක. චරිතය ලැබෙන කොට ටිකක් විතර බය වුණා. මොකද ගුරුවරියක චරිතයක් මීට පෙර කරලා නැති නිසා. නමුත්, අභියෝගයක් විදිහට මම මේ චරිතය භාරගෙන කළා. අද වන විට ගොඩ දෙනෙක් මේ ටෙලි චරිතය ගැන කතා කරනවා. විශේෂයෙන්ම ‘ෆේස්බුක්’ සමාජ ජාලය හරහා ‘සොනාලි ටීචර්’ අළලා විවිධ පළ කිරීම් සිදුවෙනවා. මට ගොඩක් සතුටුයි මොකද, මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක හිතෙනවා හිතුවටත් වඩා ප්‍රේක්ෂකයන්ට මේ ටෙලි චරිතය හිතට අල්ලලා කියලා.’