May
04
අනුරාගිනි තහනම් කරන්න අගරදගුරු මැල්කම් රංජිත් ඉල්ලයි (photos)
මැතිව් පීරිස් මිනීමැරුම් නඩුව ඇසුරෙන් නිර්මාණය කළ “අනුරාගිනී According to Mathew” චිත්‍රපටය තහනම් කරන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂනය කළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසන් සංස්කරණ කටයුතු සදහා සූදානම් වෙමින් සිටින අවස්ථාවේ තමන්ට මේ ගැන දැනගන්නට ලැබුණු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සඳහන් කළ බවයි එම වාර්තාවන් පෙන්වා දෙන්නේ.
මැතිව් පීරිස් නමැති ඇන්ග්ලිකන් පූජකයකු විසින් සිය බිරියද පෙම්වතියගේ විවාහක සහකරුවාද ඝාතනය කිරීම නිසා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූ සිදුවීමේ නඩු වාර්තා පදනම් කරගෙන සිනමා කෘතිය නිර්මානය කළ බව අධ්‍යක්ෂවරයා පවසනවා.
මංජුල වෙඩිවර්ධනගේ මේරි නම් වූ මරියා, කේ.කේ.සමන් කුමාරගේ නේරංජනේ ස්නානේ වැනි සාහිත්‍ය කෘතිද ප්‍රසන්න විතානගේ පුරහද කලුවර, විමුක්ති ජයසුන්දරගේ අක්ෂරය, අශෝක හදගමගේ තනිතටුවෙන් පියාඹන්න වැනි සිනමා කෘති ද පසුගිය කාලයේ රජයේ වාරනයට ලක් වුණා.